නිවැරදිව ආහාර ලේබල් කරන්නැයි Seiyo සමාගමට තරයේ අවවාද


Seiyu යනු තෝකියෝ හි ප්‍රධාන සුපිරි වෙළඳසැල් ජාලයකි.

.

ඊයේ(17) කෘෂිකර්ම, වන විද්‍යා සහ ධීවර අමාත්‍යාංශය විසින් තෝකියෝ හි ප්‍රධාන සුපිරි වෙළඳසැල් ජාලයක් වන Seiyu Co., Ltd වෙත නිවැරදිව ආහාර ලේබල් කරන ලෙසට තරයේ අවවාද කර තිබේ.

Seiyu විසින් "හිම කකුළුවන්" ලෙස ලේබල් කර ඇති රතු හිම කකුළුවන් ඇසුරුම් 359 ක් 2020 මාර්තු සිට 2022 ජනවාරි දක්වා ප්‍රාන්ත පහක වෙළඳසැල් 10 කදී විකුණා ඇත.

සාගර නිෂ්පාදන බෙදා හැරීම පිළිබඳ ධීවර නියෝජිතායතනයේ සමීක්ෂණයට අනුව 2021 දී හිම කකුළුවන් කිලෝග්‍රෑම් එකක තොග මිල යෙන් 6,360 ක් වූ අතර රතු හිම කකුළුවන් සඳහා මිල යෙන් 474 ක් විය.

ඒ අනුව එය 13 ගුණයකට වඩා වැඩි වෙනසක් විය.  

කෙසේනමුත් Seiyu පවසා සිටියේ නිෂ්පාදනයේ නම වැරදි ලෙස ලේබල් කළ නමුත් මිල නිවැරදිව දර්ශනය කළ බවයි.

 

79 Views

Comments