නේවාසිකාගාරයේ මත්පැන් පානය කළ බේස්බෝල් ක්‍රීඩකයාට තරඟ තහනමක්


ඔහු ඇතුළු පස් දෙනෙකු නේවාසිකාගාරය තුළ දෙවරක් මත්පැන් පානය කර ඇත. 

.

Kuba Shuei උසස් පාසලේ බේස්බෝල් සමාජයේ සාමාජිකයෙකු නේවාසිකාගාරය තුළ මත්පැන් පානය කිරීම සම්බන්ධයෙන් ජපාන උසස් පාසල් බේස්බෝල් සම්මේලනයෙන් දැඩි විනය ක්‍රියාමාර්ගයක් ගත් බව අනාවරණය වී තිබේ.  

පාසලට අනුව පසුගිය සැප්තැම්බර් මාසයේ පළමු හා දෙවන වසරවල සිසුන් පස් දෙනෙකු නේවාසිකාගාරය තුළ දෙවරක් මත්පැන් පානය කර ඇත.  

එම වසරේම නොවැම්බර් අගදී නිර්නාමික අයෙක් මේ පිළිබඳ තොරතුරු ලබා දීමත් සමඟ සිද්ධිය හෙළිදරව් විය.  

ඒ අනුව ජපාන උසස් පාසල් සම්මේලනයෙන් පාසලට දැඩි විනය ක්‍රියාමාර්ගයක් ලැබුණු අතර බේස්බෝල් සමාජයේ සාමාජිකයාට විදේශීය තරඟවලට සහභාගී වීම සඳහා මාසයක තහනමක්ද පැනවීය.

64 Views

Comments