ගැස්ට්‍රයිටීස් ආයුර්වේදයෙන් සුව කරමු


ආයුර්වේද වෛද්‍ය ක්‍රමයට අනුව අම්ලපිත්ත රෝගය ලෙස හඳුන්වනු ලබන ගැස්ට්‍රයිටීස් රෝගය උදරයේ පවතින අධික දැවිල්ල ??

.

ආයුර්වේද වෛද්‍ය ක්‍රමයට අනුව අම්ලපිත්ත රෝගය ලෙස හඳුන්වනු ලබන ගැස්ට්‍රයිටීස් රෝගය උදරයේ පවතින අධික දැවිල්ල නිසාවෙන් ඇතිවන රෝගී තත්ත්වයකි. මෙම රෝගය උත්සන්න වූ විට එය සමස්ත ආහාර ජීරණ පද්ධතියට ම බලපානු ලබයි. 

 

ආහාර වේල් මග හැරීමක් හෝ නිසි වේලාවට ආහාර නොගැනීම නිසා මෙම රෝගී තත්ත්වය ප්‍රධාන වශයෙන්ම ඇති වේ. එබැවින් ඕනෑම පුද්ගලයෙකු තමන්ගේ දෛනික ආහාර වේල් පිළිබඳව පූර්ණ සැලකිල්ලෙන් සිටීම ඉතා වැදගත් වේ. මෙම රෝගයෙන් අත්මිදීම සඳහා පෝෂණීය ආහාර දිනපතා නිසි වේලාවට ලබා ගැනීම මෙන්ම උචිත ආහාර පාන  වර්ග පමණක් ලබා ගැනීම සිදුකළ යුතුය. 

 

ඒ සඳහා භාවිතා කළ හැකි ක්‍රියාමාර්ග කිහිපයක් පහතින් 

 

1.වැඩි වශයෙන් පලතුරු ආහාරයට එක් කර ගැනීම 

2.පිරිසුදු නැවුම් එළවළු ආහාරයට එක්කර ගැනීම 

3. මේදය අඩු කිරි හා කිරි ආශ්‍රිත නිශ්පාදිත ආහාර ලබා ගැනීම

4. උෂ්ණාධික බව අඩු මස් හා මාළු ආහාරයට එක්කර ගැනීම 

5.ජලය වැඩි වශයෙන් පානය කිරීම 

6. සීතල ගුණයෙන් යුතු ආහාර ලබා ගැනීම

7. නිතර කොළ කැඳ පානය 

8.කිතුල් පිටි කැඳ, කිතුල් පිටි තලප, දොදොල් කිතුල්පිටිවලින් සාදාගත හැකි ආහාර වර්ග අනුභවය 

9.එමෙන්ම මුං ඇට, කවුපි ඇට, කඩල, ඕට්ස් ආදී ධාන්‍ය වර්ග ද නිතර ආහාරයට ගැනීම 

10. අධිකව කුළුබඩු භාවිතා නොකිරීම 

 

Comments