ජපාන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට අනුව අද(20) සහ හෙට(21) යන දෙදින තුළ ජපාන මුහුද දෙසින් නැවත හිම කුණාටු ආරම්භ වනු ඇත.
කෙසේවෙතත් මධ්‍යම තෝකියෝ ප්‍රදේශයේ සහ ඒ අවට ප්‍රදේශයේ උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 20 දක්වා ඊයේ(19) ඉහළ ගොස් ඇති අතර එය මේ වසරේ ඉහළම උෂ්ණත්වයයි.
ඒ අනුව තෝකියෝවේ ඉහළම උෂ්ණත්වය හෙට(21) දින අංශක 9ක් සහ අනිද්දා(22) අංශක 10ක් ලෙස පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ.
අවම උෂ්ණත්වය හෙට(21) දින සෙල්සියස් අංශක 2 දක්වාත් අනිද්දා(22) සෙල්සියස් අංශක 1 දක්වාත් අඩුවිය හැකි බැවින් පරිසරය තවත් ශීතල වනු ඇතැයි අපේක්ෂා කෙරේ.