අලුත් අවුරුදු කාඩ්පත් සොරා මාට්ටු


සැකකරු නිෂිනොමියා නගරයේ පදිංචි 38 හැවිරිදි පුද්ගලයෙකි.

.

හ්යෝගෝ ප්‍රාන්තයේ නිෂිනොමියා නගරයේ පදිංචි 38 හැවිරිදි පුද්ගලයෙකු මිනිසුන්ගේ තැපැල් පෙට්ටිවලින් අලුත් අවුරුදු කාඩ්පත් 1,000කට වඩා සොරකම් කර ඇත.

පසුගිය ජනවාරි 14 වැනිදා මහල් නිවාස සංකීර්ණයක තැපැල් පෙට්ටියේ තිබූ අලුත් අවුරුදු කාඩ්පත් පහක් සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරු ප්‍රථම වරට අත්අඩංගුවට ගෙන ඇත.  

ඔහු අපරාධය පිළිගෙන පොලිසියට පැවසුවේ ඒවායේ ඇති පණිවිඩ කියවීමට තමා ඒවා සොරකම් කළ බවයි.  

ඒ අනුව පොලිසිය විසින් ඔහුව නිදහස් කරන ලදී.

කෙසේනමුත් ඉන්පසුව ජනවාරි 16 වැනි දින නිෂිනෝමියා තැපැල් කාර්යාලය පොලිසියට වාර්තා කළේ නගරය අවට විවිධ තැපැල් පෙට්ටිවල කාඩ්පත් 1000 කට වැඩි ප්‍රමාණයක් සොරාගෙන ඇති බවයි.  

එම සිද්ධියට අදාල පුද්ගලයා පෙර සැකකරුගේ විස්තරයට ගැලපෙන බැවින් ඔහුව නැවත අත්අඩංගුවට ගෙන ඇත.

 

69 Views

Comments