ජපාන අගමැති එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයෙන් හදිසි රැස්වීමක් ඉල්ලයි


ඒ උතුරු කොරියාවේ බැලස්ටික් මිසයිල දියත් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටයි.

.

උතුරු කොරියාව බැලස්ටික් මිසයිල දෙකක් දියත් කළ බව ජපාන ආරක්ෂක අමාත්‍යාංශය ඊයේ(20) නිවේදනය කළේය.  

මිසයිල දෙකම ජපානයේ සුවිශේෂී ආර්ථික කලාපයෙන් (EEZ) පිටත කොරියානු අර්ධද්වීපයේ නැඟෙනහිර දෙසින් පිහිටි ජපන් මුහුදට වැටී ඇති බවට විශ්වාස කෙරේ.

ඒ අනුව උතුරු කොරියාවේ බැලස්ටික් මිසයිල දියත් කිරීම සම්බන්ධයෙන් හදිසි රැස්වීමක් කැඳවන ලෙසට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයෙන් ඉල්ලා සිටින බව අගමැති කිෂිඩා ඊයේ(20) උදෑසන මාධ්‍යවේදීන් අමතමින් පැවසීය.

151 Views

Comments