සමාගම් කාර්යාලයක් කොල්ල කෑ සිව්දෙනෙක් සොයා පරීක්ෂණ


ඔවුන් යෙන් මිලියන 9ක පමණ මුදල් සොරාගෙන පලාගොස් ඇති බව වාර්තා වේ.

.

ඊයේ(21) සවස 2.30 ට පමණ තෝකියෝ හි ඉටාබාෂි-කු හි කුමනෝ-චෝ හි මහල් ගොඩනැගිල්ලක පළමු මහලේ පිහිටි සමාගම් කාර්යාලයට කඩා වැදුණු සිව් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් වයස අවුරුදු 20 ක සේවිකාවකට ගම්මිරිස් ඉස ඇත.  

ඉන්පසු ඔවුන් යෙන් මිලියන 9ක පමණ මුදල් සොරාගෙන පලාගොස් ඇති බව වාර්තා වේ.

අදාල කාන්තාව රෝහල් ගත කර ඇති නමුත් ඇයට බරපතල  තුවාල ඇතිවී නොමැති බව විශ්වාස කෙරේ.  

ඉටාබාෂි පොලිස් ස්ථානයේ විධායක නිලධාරීන්ට අනුව එම අවස්ථාවේ කාර්යාලයේ සිට ඇත්තේ අදාල කාන්තාවක් පමණක් වන අතර මුහුණු ආවරණ පැළඳ සිටි කොල්ලකරුවන් මුදල් සොරාගෙන කාර්යාලය ඉදිරිපිට නවතා තිබූ මෝටර් රථයක නැගී පලාගොස් තිබේ.

සැකකරුවන් සොයා පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත.

83 Views

Comments