ජපානය තුළ ප්ලාස්ටික් භාවිතය අවම කිරීමට කැබිනට් අනුමැතිය..


ප්ලාස්ටික් භාවිතය අවම කිරීම සඳහා ජපාන කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ..

.

ජපානය තුල ප්ලාස්ටික් භාවිතය අවම කිරීම සඳහා ව්‍යාපාරික ප්‍රජාව හෙට නව නීති සම්පාදනය කිරීමටත් ඉල්ලීම් කිරීමටත් ජපාන කැබිනට් මණ්ඩලය පසුගියදා නව නීති රැසකට අනුමැතිය ලබා දී තිබේ. සාගර දූෂණය සහ පරිසර දූෂණය අවම කිරීම මුල්කරගත්  මෙම නව නීති මඟින් හැඳි ගෑරුප්පු සහ බීම බට වැනි  ඉවත දමන ප්ලාස්ටික් භාණ්ඩ 12ක් ලැයිස්තු ගත කර තිබේ.

පසුගිය වසරක කාලය ඇතුලත ප්ලාස්ටික් භාණ්ඩ ටොන් 5කට වඩා සිය පාරිභෝගිකයන් වෙත ලබාදී ඇති ජපාන සමාගම් හට මෙම  මම නීති හඳුන්වා දී ඇති අතර ඔවුන් හට තවදුරටත් එම භාණ්ඩ ප්ලාස්ටික්  මගින් නිෂ්පාදනය කිරීමේ හැකියාව නොලැබී යනු ඇත. ප්ලාස්ටික් හිස පීරන පනා දත් බුරුසු ඇඳුම් රඳවන ආදී භාණ්ඩ  බොහොමයක් මෙකී ලැයිස්තුවට ඇතුළත් කර තිබේ.

Comments