මධ්‍යම ජපානයේ Hyotenka no Mori හිදී අයිස් වලින් සෑදූ විවිධ වස්තූන් ඉතා මනස්කාන්ත ලෙස ආලෝකමත් කර පවත්වන ආලෝක උත්සවයක් පැවැත්වේ.
මීටර් 1,000 ක පමණ උන්නතාංශයක පිහිටා ඇති අකිගාමි ඔන්සෙන් රියෝකන් තානායම ඉදිරිපිට දළ වශයෙන් හෙක්ටයාර් 4 ක වනාන්තරයේ පිහිටි ගස් මත කිලෝමීටර 1 ක් පමණ ඉහළට කඳුකර දිය පහරකින් ඇද ගන්නා ජලය ඉසීමෙන් මෙම හිම වස්තූන් සාදා ඇත.
එනමුදු පැතිරී යන covid වසංගතය හේතුවෙන් පසුගිය වසරේ සේම මෙම වසරේද පෙබරවාරි දෙවන සෙනසුරාදාට යෙදී තිබූ මෙම උත්සවය අවලංගු කර ඇත. මෙම පන්තියේ පිහිටා ඇති කෝපි හල ද එහි ව්‍යාපාර කටයුතු පස්වරු 8 දක්වා පමණක් සීමා කර තිබේ.