තරුණයෙකු පැහැරගෙන ගොස් ලිංගික අතවර කළ අයෙක් කොටුවේ


සැකකරු 46 හැවිරිදි සමාගම් සේවකයෙකි.

.

Hokkaido ප්‍රාන්තයේ සපෝරෝ ප්‍රදේශයේ පොලිසිය විසින් 46 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ තරුණයෙකු පැහැරගෙන ගොස් සිය මෝටර් රථය තුළදී ලිංගික අතවරයට ලක් කළ බවට සැකපිටයි.

සමාගම් සේවකයෙකු වන ඩේසුකේ මොරිනාගා නම් මෙම සැකකරු සමාජ මාධ්‍ය වෙබ් අඩවියකින් අදාල තරුණයා දැන හඳුනා ගෙන ඔහු හමුවීමට කටයුතු කළ බව වාර්තා වේ.

එම අවස්ථාවේදී මොරිනාගා ඔහුව මෝටර් රථයට නංවාගෙන විනාඩි 30ක පමණ කාලයක් ඔහුට ලිංගික අතවර කළ බව පැවසේ.

111 Views

Comments