ජපානයේ හිම පතනය තවදුරටත්


ජනතාවට අවධානයෙන් පසුවෙන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

.

Kofu ප්‍රාදේශීය කාලගුණ නිරීක්ෂණාගාරයේ නිවේදනයට අනුව Honshu අවට ප්‍රදේශයේ ශීත ඍතු ආකාරයේ පීඩන රටාවක් පවතින අතර Izu දූපත් ආසන්නයේ ඇති සීතල වාතය එයට බලපා ඇතැයි පැවසේ.

එමෙන්ම Yamanashi ප්‍රාන්තයේ හිම වැටෙන අතර වැසි සමග හිම වැටෙන ස්ථානද තිබේ.

Kanagawa ප්‍රාන්තයේ පවා රාත්‍රිය වනතුරු හිම වැටෙන සහ වැසි වැටෙන ස්ථාන ඇති අතර බටහිර කඳුකරයේ මීටර් 500 හෝ ඊට වැඩි උසකින් අධික ලෙස හිම වැටෙන ස්ථාන ඇති බව පැවසේ.  

මේ අනුව වාහන ගමනාගමනයට බාධා ඇති කරන අයිස් සහිත මාර්ග, විදුලි රැහැන් හා ගස් මත හිම ගොඩගැසීම ආදිය කෙරෙහි අවධානය යොමු කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

71 Views

Comments