පෙම්වතියගේ පුත්‍රයාට පහරදුන් අයෙක් අත්අඩංගුවට


ඔහු 40 හැවිරිදි Hakuga Yamamoto නම් පුද්ගලයෙකි.

.

සිය පෙම්වතියගේ පස් හැවිරිදි පුත්‍රයා අපයෝජනය කළ බවට සැකපිට 40 හැවිරිදි පුද්ගලයෙකු තෝකියෝ හි අකිරු හි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසියට අනුව කිසිදු ස්ථාවර රැකියාවක් නොමැති Hakuga Yamamoto නම් සැකකරු පෙබරවාරි 22 වන දින උදෑසන 9 සිට 10:40 දක්වා කාලය තුළ පිරිමි ළමයාගේ දකුණු කලවා ප්‍රදේශයට හතර වතාවක් පයින් ගැසූ බව පිළිගෙන ඇත.

එක පයින් පහරකින් පසු පිරිමි ළමයාගේ හිස ශීතකරණයක වැදී ඇත.  

ඔහු නැගිටින විට යමමොටෝ නැවතත් ඔහුට පයින් පහර දී තිබේ.

කෙසේවෙතත් සැකකරු පොලිසිය හමුවේ පවසා ඇත්තේ පිරිමි ළමයා තම මවගේ මුදල් පසුම්බියෙන් මුදල් ගන්නා ආකාරය දැකීමෙන් කෝපයට පත් වී ඔහුට පහරදුන් බවයි.

100 Views

Comments