Komeito නීති සම්පාදකයෙක් අත් අඩංගුවට..


Komeito හි නීති සම්පාදකයෙකු පසුගියදා ප්‍රාන්ත පොලිසිය විසින් අත් අඩංගුවට ගන්නා...

.

Komeito හි නීති සම්පාදකයෙකු පසුගියදා ප්‍රාන්ත පොලිසිය විසින් අත් අඩංගුවට ගන්නා ලදි. 

ඔහුට එරෙහිව එල්ල වී ඇති චෝදනා වනුයේ, නිසියාකාර ක්‍රියා පිළිවෙත අනුගමනය නොකර වංචා සහගතව බැංකු ණය අනුමත කිරීම් සම්බන්ධවයි. 52 හැවිරිදි Kiyohiko Toyama නම් මෙම සැකකරු පසුගිය වසරේ පෙබරවාරි මාසයේදී මූල්‍ය ආයතන ගණනාවකින් අල්ලස් ලබා ගැනීම හේතුවෙන් සිය තනතුරෙන් පහතට ඇද දැමූ අයෙක් බවද වාර්තා වේ. ටෝකියෝ ව්‍යාපාරික ආයතන ගණනාවකට ණය ලබා ගැනීම සඳහා සහගතව සහය දක්වා යද්දී ඔහු ඒ වෙනුවෙන් ද අල්ලස් මුදල් ලබා ගෙන ඇති බව පර්යේෂණ වලදී සනාත වී තිබේ.

252 Views

Comments