ජපාන අභ්‍යවකාශ ගවේෂණ ඒජන්සිය ( JAXAJaksa ) විසින් ගගනගාමී අපේක්ෂකයින් ලෙස 20 හැවිරිදි වෛද්‍යවරියක් සහ 40 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු තෝරාගෙන ඇති බව වාර්තා වේ. JAXA විසින් අද(28) මාධ්‍ය හමුවක් පවත්වා මේ පිළිබඳ නිල නිවේදනයක් නිකුත් කරන ලදී.
JAXA විසින් මෙලෙස ගගනගාමීන් තෝරා ගන්නේ වසර 14 කට පසුවයි.
මේ වන විට තෝරාගත් JAXA ගගනගාමීන් 11 දෙනාගෙන් හය දෙනෙක් සක්‍රීය රාජකාරි කරති.
මේ සඳහා අයදුම්කරුවන් 4,127ක් අයදුම්පත් යොමු කර තිබූ අතර තෝරාගැනීමේ ක්‍රියාවලිය තේරීම් ලේඛන පිරික්සීම, සම්මුඛ පරීක්ෂණ සහ යෝග්‍යතා පරීක්ෂණ ඇතුළුව සම්පූර්ණ අදියර පහකින් සමන්විත විය.