ජපාන අධිරාජ්‍යයා වෙනුවට ඔටුන්න හිමි කුමරු චාල්ස් රජුගේ රාජාභිෂේකයට


ජපානයේ ඉම්පීරියල් හවුස්හෝල්ඩ් ඒජන්සිය ඊයේ(27) මේ බව ප්‍රකාශ කළේය.

.

ඔටුන්න හිමි ෆුමිහිතෝ කුමරු සහ ඔහුගේ බිරිඳ කිකෝ කුමරිය මැයි මාසයේ පැවැත්වෙන බ්‍රිතාන්‍යයේ තුන්වන චාල්ස් රජුගේ ඔටුනු පැළඳීමට සහභාගී වීමට සූදානම් බව ජපානයේ ඉම්පීරියල් හවුස්හෝල්ඩ් ඒජන්සිය ඊයේ(27) ප්‍රකාශ කළේය.

මැයි 6 වැනිදා ලන්ඩනයේ වෙස්ට්මිනිස්ටර් හිදී පැවැත්වීමට නියමිත මෙම උත්සවයට රාජ්‍ය නායකයා හෝ ඔවුන්ගේ අනුප්‍රාප්තිකයා සහභාගි වන ලෙස ඉල්ලා බ්‍රිතාන්‍ය පාර්ශවයෙන් බ්‍රිතාන්‍යයේ ජපාන තානාපති කාර්යාලයට දැනුම් දීමක් ලැබී ඇති බව වාර්තා වේ.

ඒ අනුව ෆුමිහිතෝ කුමරු සහ කුමරිය මේ සඳහා සහභාගී වේ.

ජපානයේ අධිරාජ්‍ය පවුල සහ බි‍්‍රතාන්‍ය රජ පවුල අතර දිගුකාලීන සබඳතා පවතී. 

1953 දී එකල හිටපු ඔටුන්න හිමි කුමරු වූ අකිහිතෝ අධිරාජ්‍යයා ඔහුගේ පියා වන හිරෝහිතෝ අධිරාජ්‍යයා වෙනුවෙන් II එලිසබෙත් රැජිනගේ රාජාභිෂේක උත්සවයටද සහභාගී විය.

 

180 Views

Comments