අනතුරක් සිදුකර පළා ගිය අයෙක් කොටුවේ


ඔහු 18 හැවිරිදි කාන්තාවක් අනතුරට ලක්කර පලා ගිය බව කියනු ලැබේ.

.

ටකාමාට්සු නගරයේදී අනතුරක් සිදුකර පළා ගිය අයෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඔහු ටකාමාට්සු නගරයේ කිටා-චෝ හි මංසන්ධියක දී මෝටර් රථයක් පදවමින් සිටියදී රතු එළියක් නොදැක පදික මාරුවක් හරහා ගමන් කළ 18 හැවිරිදි කාන්තාවක් අනතුරට ලක් කර පලා ගිය බව කියනු ලැබේ. 

පසුව මාර්ගයේ මුර සංචාරයේ යෙදී සිටි පොලිස් නිලධාරීන් පිරිසක් විසින් අනතුරට ලක් වූ කාන්තාවගේ ස්මාර්ට් ජංගම දුරකථනය මෝටර් රථයේ වහලය මත තිබෙනු දැක ඔහුගෙන් ප්‍රශ්න කර ඇත.

එවිට ඔහු රිය අනතුර පිළිබඳ පවසා ඇති බව වාර්තා වේ. 

 

 

122 Views

Comments