මව ඝාතනය කළ 13 හැවිරිදි දියණිය


ඇය සිය මවට පිහියෙන් ඇන ඝාතනය කර තිබේ.

.

13 හැවිරිදි කනිෂ්ඨ උසස් පාසල් සිසුවියක් මේ වසරේ ජනවාරි මාසයේදී Shizuoka ප්‍රාන්තයේ Makinohara නගරයේ නිවසකදී ඇගේ 40 හැවිරිදි මවට පිහියෙන් ඇන ඝාතනය කිරීමෙන් පසු අත්අඩංගුවට ගෙන ඇත.  

ඒ අනුව ළමා උපදේශන මධ්‍යස්ථානය විසින් විමර්ශනය කරගෙන ගොස් ඇයව පවුල් අධිකරණයට යොමු කරනවාද යන්න තීරණය කරනු ඇත. 

කෙසේවෙතත් දණ්ඩ නීති සංග්‍රහයේ සඳහන් වන්නේ වයස අවුරුදු 14 ට අඩු පුද්ගලයෙකුගේ ක්‍රියාව දඬුවම් නොලබන්නේය සහ සාපරාධී දඬුවමකට යටත් නොවන බවයි.

110 Views

Comments