වසර 3කට පසු ජපානයට සුඛෝපභෝගී නෞකාවක් පැමිණේ


නෞකාව මගීන් 500ක් සහ කාර්ය මණ්ඩලය 300ක් සහිතය.

.

වසර තුනකට පමණ පසු ජපානයට පැමිණි පළමු සුඛෝපභෝගී නෞකාව ඊයේ(01) Shizuoka ප්‍රාන්ත වරායට පැමිණියේය.

එය 2023 දී මෙරටට පැමිණීමට නියමිත යාත්‍රා 212 න් පළමුවැන්න වේ.

ජර්මානු සමාගමක් වන Phoenix Reisen GmbH විසින් මෙහෙයවනු ලබන Amadea නම් මෙම නෞකාව මගීන් 500ක් සහ කාර්ය මණ්ඩලය 300ක් සහිතය.

පෙබරවාරි 25 වන දින උතුරු මරියානා දූපත් වල සයිපාන් වෙතින් පිටත් වූ ටොන් 29,000 ක මෙම නෞකාව හෙට(02) රාත්‍රියේ Shizuoka සිට තෝකියෝ බලා පිටත් වීමට නියමිතය.

126 Views

Comments