නවතම දත්තවලට අනුව ජපානයේ දූපත් සංඛ්‍යාව ඉහළට


සිතියම් දත්ත භාවිතා කරමින් නැවත ගණන් කිරීමේදී දූපත් 14,125 ක් හමුවී ඇත.

.

ජපානයේ සිතියම්කරණ නියෝජිතායතනය පවසන්නේ වසර 36කට පසු සිදුකළ නැවත ගණන් කිරීමේදී දිවයිනේ දූපත් 14,000කට අධික ප්‍රමාණයක් ඇති බව තහවුරු වූ බවයි.

එය කලින් දැන සිටි සංඛ්‍යාව මෙන් දෙගුණයකටත් වඩා වැඩි බවද වාර්තා වේ.

ඒ අනුව ජපානයේ භූගෝලීය තොරතුරු අධිකාරියේ නිලධාරීන් පැවසුවේ නවතම සිතියම් දත්ත භාවිතා කරමින් නැවත ගණන් කිරීමේදී දූපත් 14,125 ක් හමු වූ බවයි.

මීට පෙර 1987 දී ජපාන වෙරළාරක්ෂක බලකාය විසින් ප්‍රකාශයට පත් කරන ලද සංඛ්‍යාව 6,852 කි.

නවතම සමීක්‍ෂණයට අනුව නිරිතදිග ජපානයේ නාගසාකි ප්‍රාන්තයේ දූපත් 1,479 ක් ඇති අතර, උතුරු දෙසින් පිහිටි හොක්කයිඩෝ ප්‍රාන්තයේ 1,473 ක් ඇත.  

එමෙන්ම කගෝෂිමා ප්‍රාන්තයේ දූපත් 1,256ක් ඇති අතර ඉවාට් ප්‍රාන්තයේ 861ක් සහ ඔකිනාවා ප්‍රාන්තයේ 691ක් ඇත.

මෙම ගණනය කිරීම්වලට ඇතුළත් වූයේ මීටර් 100 ට වැඩි වට ප්‍රමාණයකින් යුත් දූපත් මිස මිනිසා විසින් සාදන ලද දූපත් නොවේ.

154 Views

Comments