ජපාන විදේශ ඇමති G20ට සහභාගී නොවන බව දැනුම් දෙයි


ඔහු වෙනුවට විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය Yamada Kenji සමුළුවට සහභාගී වීමට නියමිතයි.

.

ජපාන විදේශ අමාත්‍ය Hayashi Yoshimasa ඩයට්හි සාකච්ඡා හේතුවෙන් ඉන්දියාවේ පැවැත්වෙන G20 සමුළුවට සහභාගී නොවීමට තීරණය කර තිබේ.

G20 සමුළුව විවිධ රටවල විදේශ අමාත්‍යවරුන්ගේ සහභාගීත්වයෙන් එලඹෙන ඊයේ(01) සිට දින දෙකක් නවදිල්ලි නුවරදී පැවැත්වේ.

මේ සඳහා සහභාගිවන්නන් අතර එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන්, රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් සහ චීන විදේශ අමාත්‍ය ක්වින් ගැන්ග් ඇතුළත් වේ.

ඒ අනුව ජපාන විදේශ අමාත්‍යාංශය ඊයේ(01) නිවේදනය කළේ විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය Yamada Kenji රැස්වීමේදී Hayashi වෙනුවෙන් පෙනී සිටින බවයි.

95 Views

Comments