පෙම්වතා ඝාතනය කළ පෙම්වතිය අත්අඩංගුවට


සැකකාරිය 47 හැවිරිදි රැකියා විරහිත කාන්තාවකි.

.

50 හැවිරිදි තම පෙම්වතාට පෙති වර්ගයක් දී ඝාතනය කළ බවට සැකපිට 47 හැවිරිදි රැකියා විරහිත කාන්තාවක් තෝකියෝ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

Sakura Kawasaki නම් අදාල සැකකාරිය විසින් Katsuhiro Ando නම් සිය පෙම්වතාට Itabashi Ward හි පිහිටි ඇගේ මහල් නිවාසයේදී මාංශ පේශි ලිහිල් කිරීමේ පෙති ලබා දී ඇති බව වාර්තා වේ.

පසුව ඔහු රෝහලට ගෙන යන ලද අතර එහිදී අදාල පෙති විෂ වීමෙන් මිය ගියේය.

නිදන්ගත රෝගයක් සඳහා වේදනා නාශකයක් ලෙස ඔහුට මෙම පෙති නිර්දේශ කර ඇත.  

පොලිසිය පැවසුවේ ඇන්ඩෝට අදාල පෙති දුන් බව සැකකාර කාන්තාව පිළිගෙන ඇති නමුත් ඔහු මිය යනු ඇතැයි විශ්වාස නොකළ බවයි.  

ඇයගේ චේතනාව පිළිබඳවද පොලිසිය ඇයගෙන් ප්‍රශ්න කරයි.

73 Views

Comments