ජපානයේ ප්‍රභූ ආරක්ෂක නිලධාරීන්ට පුහුණුවක්


පුහුණුව ඊයේ(02) ටෝකියෝ නුවර පොලිස් ස්ථානයකදී පැවැත්විණි.

.

ප්‍රභූවරුන් ආරක්‍ෂා කිරීමේ ශිල්පීය ක්‍රම ඉගෙන ගැනීම සඳහා දිවයිනේ නන් දෙසින් මෙට්‍රොපොලිටන් පොලිස් දෙපාර්තමේන්තුව වෙත පිටත් කර යවන ප්‍රාන්ත පොලිස් නිළධාරීන් සඳහා වූ පුහුණුව ඊයේ(02) ටෝකියෝ නුවර පොලිස් ස්ථානයකදී පැවැත්විණි.

පසුගිය වසරේ ජූලි මාසයේදී හිටපු අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේට වෙඩි තැබීමෙන් පසු මෙට්‍රොපොලිටන් පොලිස් දෙපාර්තමේන්තුවේ පුහුණුව ලබන ප්‍රාදේශීය පොලිස් නිලධාරීන් සංඛ්‍යාව දෙගුණයක් වී ඇති අතර ආරක්ෂක මට්ටම ද ඉහළ නංවා තිබේ.

පසුගිය වසන්ත සමයේ සිට වසරක පමණ කාලයක් මෙට්‍රොපොලිටන් පොලිස් දෙපාර්තමේන්තුවේ අගමැති සහ කැබිනට් අමාත්‍යවරුන් ආරක්‍ෂා කිරීමේ පළපුරුද්ද ඇති ප්‍රාදේශීය පොලිස් නිලධාරීන් 20ක් පමණ මෙම පුහුණුවට සහභාගි වූහ.  

 

 

116 Views

Comments