සම්ප්‍රදායික ජපාන නීතියක් ලෙසින් මේ තාක්කල් ඉදිරියට රැගෙන ආ කාන්තාවන් හා සම්බන්ධ විවාහ නීතියක් පසුගියදා ජපාන අධිකරණ අමාත්‍යාංශය විසින් ඉවත් කිරීමට කටයුතු කරන ලදී.
එම නීතියට අනුව, ස්වාමියා මරණයට පත්වීම නිසා සහ ස්වාමියාගෙන් නීතියානුකූලව දික්කසාද වීම නිසා වෙන් වන කාන්තාවන් හට නැවත විවාහ වීමට දින සියයක (100) කාලයක් රැඳී සිටීමට සිදුවේ. වර්ෂ 1898 දී තරම් ඈත කාලයක දී ස්ථාපිත කරන ලද මෙම ජපාන සම්ප්‍රදායික නීතිය, අධිකරණ අමාත්‍යාංශයේ විශේෂ කමිටුවක් මගින් කරන ලද යෝජනාවක් මත, අධිකරණ අමාත්‍ය Yoshihisa Furukawa විසින් ජපාන සිවිල් නීතියෙන් ඉවත් කරන ලදී.