වසර මිලියන 33ක් පැරණි මුහුදු ගවයෙකුගේ පොසිලයක් හමුවේ


සයිකායි නගර අධ්‍යාපන මණ්ඩලය ඊයේ(04) නිවේදනය කළේය. 

.

නාගසාකි ප්‍රාන්තයේ සකිටෝ වෙරළ තීරයෙන් වසර 43 කට පෙර සොයා ගත් පොසිලයක් මීට වසර මිලියන 33 කට පමණ පෙර ජීවත් වූ මුහුදු ගවයකුට අයත් බව නාගසාකි ප්‍රාන්තයේ සයිකායි නගර අධ්‍යාපන මණ්ඩලය ඊයේ(04) නිවේදනය කළේය.  

මුහුදු ගවයින් යනු විශාල සාගර ක්ෂීරපායින් වන අතර ඔවුන්ට ඩුගොන්ග් සහ මැනේටීස් ඇතුළත් වේ.  

නගර අධ්‍යාපන මණ්ඩලයට අනුව පැසිෆික් කලාපයෙන් හමු වූ පැරණිතම ෆොසිලය එය වේ.

මෙම සත්ත්වයාගේ සිරුරේ දිග මීටර් 2 ට අඩු වන අතර එය නව විශේෂයක් වීමට ඉඩ ඇත යනුවෙන් කෞතුකාගාරය පැහැදිලි කරයි.

 

172 Views

Comments