Narita Express දුම්රියේ ගැටීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට


පෙරේදා(03) සවස 2:20ට පමණ අනතුර සිදුව ඇත.

.

පෙරේදා(03) සවස 2:20ට පමණ  චිබා ප්‍රාන්තයේ JR Funabashi දුම්රිය ස්ථානය පරිශ්‍රයේ දී දුම්රිය මැදිරි 12 කින් යුත් Narita Express දුම්රියේ ගැටීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

අනතුරට හේතුව පිළිබඳව ෆුනාබාෂි දුම්රිය ස්ථානය පරීක්ෂණ පවත්වයි.  

JR East හි Chiba ශාඛා කාර්යාලයට අනුව අනතුර හේතුවෙන් දුම්රිය මාර්ග 10 ක ගමනාගමනය අත්හිටුවීමට සිදුවිය.

මෙමගින් 15,000 ක පමණ පිරිසක් පීඩාවට පත්විය.

117 Views

Comments