සියදිවි නසාගත් සිසුවාගේ දෙමව්පියන්ට යෙන් මිලියන 10ක වන්දියක්


2012 වසරේදී 14 හැවිරිදි පිරිමි ශිෂ්‍යයෙක් සියදිවි නසා ගත්තේය. 

.

2012 ඔක්තෝම්බර් මාසයේදී හිරෝෂිමා ප්‍රාන්තයේ හිගාෂි-හිරෝෂිමා නාගරික කනිෂ්ඨ උසස් පාසලේ 14 හැවිරිදි පිරිමි ශිෂ්‍යයෙක් සියදිවි නසා ගත්තේය.  

ඒ අනුව ඔහුගේ දෙමව්පියන් විසින් වන්දි ඉල්ලා ගොනු කළ නඩුව පෙරේදා(03) හිරෝෂිමා දිසා අධිකරණයේදී කැඳවිය.

එහිදී පාසල විසින් ඔහුගේ දෙමාපියන්ට යෙන් මිලියන 10 ක වන්දියක් ගෙවන ලදී.

අදාල සිසුවාට බේස්බෝල් ක්‍රීඩා සමාජයේ පුහුණුවීම්වලට සහභාගි වීමට ඉඩ නොදීම නිසා රාත්‍රියේදී උද්‍යානයේ ගෙල වැලලාගෙන සියදිවි හානිකරගෙන ඇත.

 

104 Views

Comments