කාලගුණ බලධාරීහු පවසන්නේ මධ්‍යම තෝකියෝවේ සකුරා මල් මේ මාසයේ උණුසුම් උෂ්ණත්වය හේතුවෙන් වෙනදාට වඩා සතියකට පමණ පෙර මාර්තු 18 වනදා පමණ පිපීමට පටන් ගන්නා බවයි.
ජපානයේ කාලගුණ සංගමය බ්‍රහස්පතින්දා පුරෝකථනයක් නිකුත් කරමින් කියා සිටියේ වඩාත් ජනප්‍රිය සකුරා ප්‍රභේදයක් වන සොමි යොෂිනෝ වෙනදාට වඩා දින හයකට පෙර එනම් මාර්තු 25 වන දින පූර්ණ ලෙස පිපෙනු ඇතැයි අපේක්ෂා කරන බවයි.
එමෙන්ම තෝකියෝවට ආසන්න සයිටාමා සහ යොකොහාමා යන ප්රදේශවලද සකුරා මල් ඉක්මනින් පිපෙන්නට පටන් ගනීවි යැයි අපේක්ෂා කෙරේ.