JAL අවුල් වෙයි?


ජපාන ජාතික ගුවන් සේවය හෙවත් JAL හි ස්ථාපිත කර ඇති පරිගණක පද්ධතිය...

.

ජපාන ජාතික ගුවන් සේවය හෙවත් JAL හි ස්ථාපිත කර ඇති පරිගණක පද්ධතිය තුළ සිදු වූ හදිස්සි බිඳ වැටීමක් නිසා, ගුවන් ගමන් හා සම්බන්ධ පාරිභෝගිකයන්ගේ ආගමන විගමන දත්ත වලට හානි වූ පුවතක් වාර්තා වෙයි.

අන්තර්ජාතික ගුවන් ගමන් සහ දේශීය අභ්‍යන්තර ගුවන් ගමන්වලට ද මෙය බලපා ඇති බව වාර්තා වේ. JAL නිල වෙබ් අඩවිය හරහා ගුවන් ගමන් වෙන්කිරීම් සහ ටිකට්පත් මිලදී ගැනීම් වැනි කටයුතු වලට ද මෙම බිඳ වැටුම බාධා ඇති කළ බව සඳහන්ය. මේ අතර, මෙම බිඳවැටීම නිසා  ටෝකියෝ හි Haneda අන්තර්ජාතික ගුවන්තොටුපලේදී එක් ගුවන් ගමනක් පැයක් ප්‍රමාද වූ බවත් මගීන්ගේ සියලු වැඩකටයුතු පද්ධතිය රහිතව ආගමන විගමන නිලධාරීන් විසින් සිදුකර  දුන් බවත් වාර්තා වේ. 

274 Views

Comments