සුනාමියෙන් බේරුණු පියානෝවක් ප්‍රදර්ශනයට


එය සෙන්ඩායි ගුවන් තොටුපලේ ප්‍රදර්ශනය කෙරේ.

.

2011 වසරේ ඊසානදිග ජපානයට බලපෑ සුනාමියෙන් හානියට පත් පියානෝවක් මියාගි ප්‍රාන්තයේ ගුවන් තොටුපළක ප්‍රදර්ශනයට තබා ඇත.

පියානෝව පසුගිය බදාදා සෙන්ඩායි ගුවන් තොටුපලේ තාවකාලිකව ස්ථාපනය කරන ලදී.  

2011 මාර්තු 11 වන දින ඇති වූ දැවැන්ත භූමිකම්පාවෙන් ඇති වූ සුනාමියෙන් මෙම පියානෝව ගිලී ගිය අතර ආත්මාරක්ෂක බළකායේ නිලධාරීන් යන්ත්‍ර සූත්‍ර යොදාගෙන එය වතුරෙන් ගොඩට ගෙන ඇත.

මෙම පියානෝව මාර්තු 12 දක්වා ගුවන් තොටුපළෙහි පැමිණීමේ ලොබියේ ප්‍රදර්ශනය කෙරේ.

 

132 Views

Comments