නෙදර්ලන්තයේ පැවැත්වෙන ලෝක ශූරතාවලියේ මීටර් 1500 කාන්තා ධාවන ඉසව්වේ තෙවැනි ස්ථානය හිමිකර ගැනීමට ජපන් ක්රීඩිකා ටකාගි මිහෝ සමත්ව ඇත.
මීටර් 700 ඉසව්වේ පස්වැනි ස්ථානයට පත්වූ ඇය මෙම ඉසව්වේදී මිනිත්තු එකයි තත්පර 54.39ක කාලයක් වාර්තා කරමින් තෙවැනි ස්ථානයට පත්විය.
නෙදර්ලන්තයේ Antoinette Rijpma-de Jong මිනිත්තු එකයි තත්පර 53.54කින් රන් පදක්කම දිනා ගත්තාය.