ජාත්‍යන්තර කාන්තා දිනය අදයි


ඒ වෙනුවෙන් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

.

ජාත්‍යන්තර කාන්තා දිනය මාර්තු 08 වන අද දිනට යෙදී තිබේ.

මෙම දිනය මුල් ගනිමින් ලෝකය පුරා වෙසෙන කාන්තාවන්ගේ උන්නතිය උදෙසා මෙවරද වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

මෙවර ලෝක කාන්තා දිනයේ තේමාව වන්නේ “සමානාත්මතාව වැළඳගමු” යන්නයි.

කාන්තා අයිතිවාසිකම් ව්‍යාපාරය, ස්ත්‍රී පුරුෂ සමානාත්මතා ගැටළු, කාන්තා ප්‍රජනන අයිතීන්, විවිධ ක්ෂේත්‍රවල කාන්තා ජයග්‍රහණ සහ කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය සහ අපයෝජනයන් කෙරෙහි මෙවර ජාත්‍යන්තර කාන්තා දිනය සිය අවධානය යොමු කරයි.

 

109 Views

Comments