දරුවන්ට මරු කැඳවූ මවට සිර දඬුවම්


අදාල කාන්තාවට වසර 3යි මාස 6ක සිර දඬුවමක් නියම කර තිබේ.

.

කනගාවා ප්‍රාන්තයේ Atsugi නගරයේ පදිංචි 22 හැවිරිදි Rena Nagasawa නම් කාන්තාවකට යොකොහාමා දිසා අධිකරණය විසින් වසර 3යි මාස 6ක සිර දඬුවමක් නියම කර තිබේ.

ඒ ඇගේ දරුවන් දෙදෙනා මෝටර් රථයක දමා ගොස් ඔවුන් තාප ආඝාතයෙන් මියයාමේ සිද්ධියක් සම්බන්ධයෙනුයි.

පසුගිය වසරේ ජූලි 29 වැනිදා පස්වරු 2.00 ට පමණ පැය 2 යි විනාඩි 40 ක පමණ කාලයක් ඇය දරුවන් දෙදෙනා වාහනයේ දමා මිතුරෙකුගේ නිවසකට ගොස් සිටි අවස්ථාවේ මෙම අවාසනාවන්ත සිදුවීම සිදුවී තිබුණි.

73 Views

Comments