ලෝක බේස්බෝල් ක්ලැසික් තරඟාවලියේ චීනය සහ ජපානය අතර තරඟය අද(09) තෝකියෝ හිදී පැවැත්වීමට නියමිතයි.
මෙම තරඟාවලියේ කණ්ඩායම් 20 ක් කාණ්ඩ හතරකට බෙදා ඇත.
ඒ අනුව B කාණ්ඩය යටතේ තරඟ වදින ජපානය ඉදිරියේදී දකුණු කොරියාව, චෙක් ජනරජය සහ ඕස්ට්‍රේලියාව සමඟ තරඟ වදිනු ඇත.
කාණ්ඩයේ ඉදිරියෙන්ම සිටින කණ්ඩායම් දෙක අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි.