ජපන් ජූඩෝ ක්‍රීඩකයෙක් බ්‍රිතාන්‍යයට


ඔහු උපදේශක පුහුණු වැඩසටහනක් සඳහා බ්‍රිතාන්‍යයට යන බව වාර්තා වේ.

.

අඛණ්ඩ ඔලිම්පික් තරග දෙකකදී රන් පදක්කම් දිනූ ජපන් ජූඩෝ ක්‍රීඩක ඔනෝ ෂෝහෙයි උපදේශක පුහුණු වැඩසටහනක් සඳහා බ්‍රිතාන්‍යයට යන බව වාර්තා වේ.

ලබන වසරේ සිට වසර දෙකක කාලයක් බ්‍රිතාන්‍යයේ ජපන් ඔලිම්පික් කමිටුවේ වැඩසටහන් උපදේශකයෙකු වීමට තමා පුහුණු වන බව ඔහු ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.

31 හැවිරිදි ඔනෝ බටහිර ජපානයේ යමගුචි ප්‍රාන්තයේ අයෙකි.

ඔහු 2016 රියෝ ද ජැනයිරෝ ඔලිම්පික් උළෙලේ සහ 2020 තෝකියෝ ඔලිම්පික් උළෙලේ පිරිමි කිලෝග්‍රෑම් 73 කාණ්ඩයේ රන් පදක්කම් දිනා ගනිමින් ජූඩෝ ක්‍රීඩාවෙන් පිට පිට රන් පදක්කම් දිනූ හත්වැනි ජපන් ජාතිකයා බවට පත්විය.  

 

80 Views

Comments