රුසියානු ජනාධිපති පුටින් සමග විශේෂ දුරකථන සංවාදයක නිරත වෙමින් ජපාන අග්‍රමාත්‍ය Fumio Kishida, රුසියානු ජනාධිපති ගෙන් ඉල්ලා සිටියේ, යුක්රේනය ආක්‍රමණය කිරීම සම්බන්ධව රුසියාව දරන මතය සම්බන්ධව නැවත වතාවක් සිතා බැලීමට කටයුතු කරන ලෙසයි.
තවදුරටත් ජපාන අග්‍රාමාත්‍යවරයා ඉල්ලා සිටියේ, පවතින කොවිඩ් වසංගත තත්වය මධ්‍යයේ දැනටමත් අර්බුදයට ලක් වී ඇති ලෝකයක් තුළ, යුධමය වාතාවරණයක් ක්‍රියාත්මක කිරීමට උත්සාහ නොකරන ලෙසයි. මිනිත්තු 25ක් පුරා පැවැති මෙම දුරකථන සංවාදය අවසානයේ දෙරටේම නායකයින් එකඟ වී ඇත්තේ, මේ සම්බන්ධව තව දුරටත් සාකච්ඡා කිරීමට බව සැලවේ. මේ අතර රුසියානු යුක්රේන ගැටලුව සම්බන්ධයෙන් යුරෝපා සංගමය නැවත සාකච්ඡාවක් පැවැත්වීමට යන බවද ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබුණි.