උතුරු කොරියාවෙන් ජපන් මුහුදට බැලස්ටික් මිසයිලයක්


අද(14) උදෑසන මිසයිලය දියත් කර තිබේ.

.

දකුණු කොරියානු ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානීන්ට අනුව උතුරු කොරියාව අද(14) උදෑසන ජපාන මුහුද දෙසට බැලස්ටික් මිසයිලයක් දියත් කර තිබේ.

එමගින් ජපානයට සිදුවූ හානියක් මෙතෙක් වාර්තා වී නොමැති බව අග්‍රාමාත්‍ය කිෂිඩා අද පෙරවරුවේ අග්‍රාමාත්‍ය නිල නිවසේදී මාධ්‍යවේදීන් හමුවේ ප්‍රකාශ කළේය.  

ආරක්ෂක අමාත්‍යාංශයට අනුව ජපානයේ සුවිශේෂී ආර්ථික කලාපයට (EEZ) මිසයිලයක් පතිත වූ බවට තහවුරු වී නොමැත.

118 Views

Comments