කාන්තාවක් සිප ගැනීමට තැත් කල අයෙක් අත්අඩංගුවට


ඔහු වයස අවුරුදු 40 ක පුද්ගලයෙකි.

.

තෝකියෝ හි Setagaya වෝඩ්හි මැතිවරණ ප්‍රචාරණ කටයුතු වල යෙදී සිටි කාන්තාවකට අතවර කළ බවට සැකපිට වයස අවුරුදු 40 ක පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත. 

ඊයේ(13) සවස 6.00 ට පමණ මෙම පුද්ගලයා සෙටගාය වෝඩ්හි දුම්රිය ස්ථානයක් අසල කතාවක් කරමින් සිටි කාන්තාවක් සමඟ ඡායාරූපයක් ගත් අවස්ථාවේදී බලහත්කාරයෙන් ඇයව සිප ගැනීමට තැත් කර තිබේ.

මෙට්‍රොපොලිටන් පොලිස් දෙපාර්තමේන්තුවේ පොලිස් නිලධාරියෙකු ඔහුව එම ස්ථානයේදීම අත්අඩංගුවට ගත්තේය.

එම අවස්ථාවේ අදාළ පුද්ගලයා බීමතින් සිට ඇති අතර අදාල චෝදනා පිළිගෙන ඇති බවද සඳහන්.

133 Views

Comments