ප්‍රාන්ත පහක හදිසි තත්ත්ව ඉවත් කෙරේ


ජපාන අග්‍රාමාත්‍ය Fumio Kishida පසුගිය බ්‍රහස්පතින්දා දින පැවසූ පරිදි ජපානයේ ප්‍රාන්ත දාසයක මෙතෙක් පනවා තිබූ

.

ජපාන අග්‍රාමාත්‍ය Fumio Kishida පසුගිය බ්‍රහස්පතින්දා දින පැවසූ පරිදි ජපානයේ ප්‍රාන්ත දාසයක මෙතෙක් පනවා තිබූ හදිසි තත්ත්වය තවදුරටත් මාර්තු 6 වැනිදා වන තෙක් දීර්ඝ කිරීමට නියමිතයි. පැතිර යන වසංගත තත්ත්වය  තවදුරටත් මර්දනය කර ගැනීමේ පියවරක් ලෙස මෙය ක්‍රියාත්මක  වනු ඇත.

 

එනමුදු Yamagata, Shimane, Yamaguchi, Oita සහ Okinawa යන ප්‍රාන්ත පහේ තිබූ හදිසි තත්ත්වය එළඹෙන ඉරිදා ඉන් පසුව ඉවත් කෙරෙන බවත් වැඩිදුරටත් නිවේදනය කර ඇත. ප්‍රාන්ත වල වසංගත තත්වය සහ රෝහල් ගත වන ප්‍රමාණය  සැලකිය යුතු  ප්‍රමාණයකින් පාලනය කිරීම හේතුවෙන් මෙම තීරණය ජපන් රජය විසින් ගෙන ඇත.

Comments