Mitsubishi Electric Corporation නව කර්මාන්තශාලාවක් ඉදිකිරීමට සැරසේ


ඒ අර්ධ සන්නායක නිපදවීම සඳහායි.

.

Kumamoto ප්‍රාන්තයේ Kikuchi නගරයේ අර්ධ සන්නායක නිපදවීම සඳහා නව කර්මාන්තශාලාවක් ඉදිකරන බව Mitsubishi Electric Corporation ඊයේ(14) නිවේදනය කළේය.

මෙහි නිෂ්පාදන ධාරිතාව ඉහළ නැංවීම සඳහා දළ වශයෙන් යෙන් බිලියන 100ක් ආයෝජනය කෙරෙන අතර මෙහෙයුම් 2026 අප්‍රේල් මාසයේදී ආරම්භ කිරීමට නියමිතය.

බලශක්ති ඉතිරිකිරීමේ උපකරණ සඳහා අර්ධ සන්නායක අත්‍යවශ්‍ය වන අතර වායු සමීකරණ, අධිවේගී දුම්රිය ආදියෙහි භාවිතා වේ. 

 

59 Views

Comments