තායිවානයේ සැහැල්ලු ගුවන් යානයක් කඩා වැටීමෙන් ජපන් ජාතිකයෙක් මරුට


ඔහු 18 හැවිරිදි Honda Eiki නම් අයෙකි.

.

මධ්‍යම තායිවානයේ සැහැල්ලු ගුවන් යානයක් කඩා වැටීමෙන් තායිවාන ගුවන් නියමුවෙකු සහ ජපන් සංචාරකයෙකු මියගොස් තිබේ.

Changhua Countyහි පොලිසිය සහ ගිනි නිවන නිලධාරීන් පැවසුවේ ගඟක් අසල කෙතකට කඩා වැටීමෙන් යානය ගිනි ගත් බවයි.

මියගිය සංචාරකයා 18 හැවිරිදි Honda Eiki නම් අයෙක් වන අතර ඔහු සිය පවුලේ අය සමඟ තායිවානයට ගොස් විනෝද චාරිකාවක් සඳහා යානයට ගොඩ වූ බව ඇසින් දුටු සාක්ෂිකරුවෙකු මාධ්‍ය වෙත පවසා ඇත.

තායිවාන ප්‍රවාහන ආරක්ෂණ මණ්ඩලය අනතුරට හේතුව විමර්ශනය කරයි.

68 Views

Comments