දකුණු කොරියාවට පනවා තිබූ අපනයන සීමා ඉවත් කිරීමට ජපානය එකඟ වේ


ඒ රටවල් අතර තුන්දින අධ්‍යක්ෂ මට්ටමේ රැස්වීමකින් අනතුරුවයි.

.

දකුණු කොරියාවට අධි තාක්‍ෂණික ද්‍රව්‍ය නැව්ගත කිරීමේදී පනවා තිබූ සීමා ලිහිල් කිරීමට සූදානම් වන බව ජපාන රජය පසුගියදා නිවේදනය කළේ ය.

ඒ අසල්වැසි රටවල් අතර තුන්දින අධ්‍යක්ෂ මට්ටමේ රැස්වීමකින් පසුවය.

අර්ධ සන්නායක සහ කාබනික LED සංදර්ශක සඳහා භාවිතා කරන ද්‍රව්‍ය තුනක් අපනයනය කිරීමේ නීති 2019 දී ජපානය දැඩි කළේ ආරක්‍ෂාව හේතුවෙනි.  ජපන් සමාගම් මෙම භාණ්ඩවල ප්‍රධාන නිෂ්පාදකයන් වේ.

දකුණු කොරියාව මෙම සීමාවන්ට ප්‍රතිචාර දැක්වූයේ 2020 දී ලෝක වෙළඳ සංවිධානයට පැමිණිල්ලක් ගොනු කිරීමෙනි.

පාලනය ලිහිල් කිරීමට ජපානය තීරණය කළේ දකුණු කොරියාව WTO නඩුව ඉවත් කරන බව තහවුරු කර ඇති බැවිනි.

 

120 Views

Comments