හෝටලයක් තුළදී පුද්ගලයෙකු ඝාතනය කළ තරුණියක් අත්අඩංගුවට


ඇය 17 හැවිරිදි තරුණියකි.

.

ටොයාමා ප්‍රාන්තයේ හෝටලයකදී පුද්ගලයෙකු ඝාතනය කළ බව කියන නව යොවුන් වියේ දැරියක් ඊයේ(18) අත්අඩංගුවට ගෙන තිබේ. 

21 හැවිරිදි Kazuki Izumoto ඝාතනය කළ බවට මෙම 17 හැවිරිදි තරුණිය පිළිගෙන ඇති අතර ඇය ඔහුව ගෙල සිරකර මරා දැමූ බවද පාපොච්චාරණය කර තිබේ.  

ඔවුන් දෙදෙනා එකිනෙකා දැන සිටි බවට විශ්වාස කෙරේ.

බාලවයස්කාර දැරියක් නිසා දැරියගේ නම සඳහන් කර නොමැති අතර පසුගිය සිකුරාදා රාත්‍රී 8.45 ට පමණ ටකාඕකා හි හෝටලයකදී මෙම සිද්ධිය සිදුව ඇත.

132 Views

Comments