omicron ප්‍රභේදයේ පැතිරීමත් සමඟ දකුණු කොරියාවෙන් ද දිනකට වාර්තා වන ආසාදිතයන් ගණන ප්‍රථම වරට ලක්ෂය ඉක්මවා ගිය බව එහි සෞඛ්‍ය අංශ දන්වා තිබේ.
ඔවුන්ගේ දත්ත වාර්තා අනුව පසුගිය බ්‍රහස්පතින්දා දකුණු කොරියාවෙන් ආසාදිතයන් 109,831ක් වාර්තාව තිබූ අතර එය පෙබරවාරි පළවැනිදා වාර්තා වුණු ආසාදිතයන් ගණන මෙන් හය ගුණයක් පමණ බව ද ඔවුන් පවසා ඇත.
එරට අග්‍රාමාත්‍යවරයා පවසා සිටියේ දකුණු කොරියාවේ වැසියන්ට තුන්වන එන්නත් මාත්‍රාව ලබා දීමෙන් සමාජය පුරා covid පැතිරීම උපරිම ලෙස මර්ධනය කර ඇති නමුත් එරටින් වාර්තා වන ආසාදිතයන් ගණන වෙනත් රටවල් වල තරම් ඉහල අගයක් ගන්නා බවයි.
මෙ මස අග භාගය වන විට හෝ මාර්තු මස මැද වන විට ආසාදිතයන් උපරිම මට්ටමකට ළඟා විය හැකි බව එහි සෞඛ්‍ය අංශ අනූමාන කරන බවද නිවේදනය කර ඇත.