සාහසික පිහි ඇනුම් වලින් පෙම්වතිය මරා දමයි


පසුගිය මාසයේ තම හිටපු තිස්තුන් හැවිරිදි පෙම්වතිය සාහසිකව පිහි ඇනුම් සිදුකර මරා දැමූ විසිපස් හැවිරිදි තරුණය??

.

පසුගිය මාසයේ තම හිටපු තිස්තුන් හැවිරිදි පෙම්වතිය සාහසිකව පිහි ඇනුම් සිදුකර මරා දැමූ විසිපස් හැවිරිදි තරුණයකුට සයිටාමා අධිකරණය විසින් දණ්ඩන නියම කර ඇත.

 

Taiki Furukawa නම් වූ මෙම වෘත්තීය පාසලක ඉගෙනුම ලැබූ තරුණයා ඉබරකි ප්‍රාන්තයේ ushiku නම් ප්‍රදේශයෙන් බවත්  ඔහු පසුගිය ජනවාරි 27 වන දා Misaki Iwabuchi නම් එම කාන්තාව  සවස හයයි තිහට පමණ ඇයගේ නිවස තුළ දී මරා දමා ඇති බව පොලිසිය ආරංචි මාර්ග තහවුරු කරයි. ඇයව හමුවීමට පැමිණි ඇයගේ මව විසින්  ඇය මෙලෙස ඝාතනය කර දමා ඇති බව සොයාගෙන තිබිණි.

 

ඇයව ඝාතනය කළ මෙම පුද්ගලයා ළඟම පිහිටි පොලිස් කුළුණකට ඒ බව දන්වා ඇති අතර ඇයගේ කුසට කිහිප වතාවක් පිහි ඇනුම සිදුකළ එලෙස මරා දමා තිබිණි. රෝහල්ගත  වන විටත් ඇය මියගොස් තිබූ බව පොලිසිය නිවේදනය කර තිබේ.

 

 

Comments