ජපන් විද්‍යාඥයින් පිරිසක් නව උඩවැඩියා විශේෂයක් සොයා ගනී


එය "Spiranthes hachijoensis" නම් වේ.

.

සියුම්, වීදුරු වැනි මල් සහිත නව උඩවැඩියා විශේෂයක් ජපන් විද්‍යාඥයින් විසින් සොයා ගෙන ඇත.

ජපානයේ උද්‍යානවල එය පැවතුනද "Spiranthes hachijoensis" ලෙස නම් කරන ලද මෙම ශාකය කලින් නොදන්නා විශේෂයක් බව තහවුරු කිරීමට කෝබේ විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන්ට දශකයක් ගත විය.

සර්පිලාකාර මල් සහිත මෙම ශාකය ජපානයේ පැරණිතම කාව්‍ය සංග්‍රහය වන අටවන සියවසේ "මන්යෝෂු" හි පවා සඳහන් කර ඇත.

තෝකියෝ හි හචිජෝජිමා දූපතේ බොහෝ සාම්පල හමු වූ නිසා එයට "හචිජෝනිසිස්" යන නම ලබා දී ඇත.

53 Views

Comments