තැපැල් දෙපාර්තමේන්තුව ඩ්‍රෝන යානා මගින් පාර්සල් බෙදාහැරීමට සැරසේ


ඊයේ (24) ඔවුන් එය සාර්ථකව පරීක්ෂා කර තිබේ.

.

ඊයේ (24) දින ජපන් තැපැල් දෙපාර්තමේන්තුව විසින් තෝකියෝ හි ඔකුටමා-චෝ හි ස්වයංක්‍රීය ඩ්‍රෝන යානයක් භාවිතයෙන් පාර්සල් බෙදාහැරීමක් සාර්ථකව සිදු කරන ලදී. 

ඒ අනුව අදාල ඩ්‍රෝන යානය Okutama තැපැල් කාර්යාලයේ සිට කිලෝමීටර 2.3ක් පමණ දුරින් පිහිටි පෞද්ගලික නිවසකට පියාසර කර පාර්සලයක් ලබා දුන්නේය. 

නිවසේ වත්තට ගොඩ බැස්වීමෙන් පසු ඩ්‍රෝන යානය ස්වයංක්‍රීයව නැවත තැපැල් කාර්යාලයට පැමිණියේය.

කඳුකරයේ ගම්මානවල බොහෝ විට දැඩි බෑවුම් සහ පටු මාර්ග ඇති අතර පාර්සල් බෙදා හැරීමට සෑම මාර්ගයකටම විනාඩි 20ක් පමණ ගත වේ. 

ඒ අනුව ඩ්‍රෝන යානයකින් පාර්සල් රැගෙන යාමට හැකි නම් එය වඩාත් පහසු වනු ඇත.

 

102 Views

Comments