මවට කතුරකින් පහරදුන් දියණිය අත්අඩංගුවට


අදාල සැකකාරිය අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී බීමතින් සිට ඇත.

.

හොක්කයිඩෝ ප්‍රාන්තයේ හකෝඩේට් ප්‍රදේශයේ පොලිසිය විසින් 27 හැවිරිදි රැකියා විරහිත කාන්තාවක් තම 56 හැවිරිදි මවට කතුරකින් ඇන පහරදීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය සෙනසුරාදා පෙරවරු 11.30ට පමණ මෙම සිද්ධිය සිදුව ඇති අතර තුවාල ලැබූ මවගේ දකුණු අතේ සෙන්ටිමීටර 1.5 ක කැපුමක් සිදුවී ඇති අතර මැහුම් දෙකක් අවශ්‍ය විය.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ බීමතින් සිටි දියණිය තම මවට කතුරකින් පහර දුන් බව පිළිගෙන ඇතත් එයට හේතුව නොදැක්වූ බව පොලිසිය පවසයි.

 

54 Views

Comments