බලපුලුවන්කාරකම් දාන චීනය...


ඕස්ට්‍රේලියානු ආරක්ෂක අමාත්‍යාංශය අද විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියේ...

.

ඕස්ට්‍රේලියානු ආරක්ෂක අමාත්‍යාංශය අද විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියේ, ඊයේ රාත්‍රියේ කලාපයේ නිරීක්ෂණ චාරිකාවක් නිරත වෙමින් සිටී ඕස්ට්‍රේලියානු ගුවන් හමුදාවට අයත් නිරීක්ෂණ ගුවන් යානයක් වෙත, චීන නාවික හමුදාවට අයත් යාත්‍රාවක සිට ලේසර් කිරණ එල්ල කර ඇති බවයි.

මෙකී ලේසර් ප්‍රහාරය නිසා ඇතැම් විට ගුවන් යානය විනාශ වී එහි සිටි කාර්ය මණ්ඩලය පවා අහිමි වීමට තිබූ බවත්, මෙවන් හිතුවක්කාර සහ අනාරක්ෂිත හමුදා ක්‍රියා ඕස්ට්‍රේලියානු රජය තරයේ හෙළා දකින බවත්, ඕස්ට්රේලියානු ආරක්ෂක අමාත්‍යාංශ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ. පොසෙයිඩන් P8 වර්ගයේ නිරීක්ෂණ ගුවන් යානාවක් වන මෙය බෝයිං සමාගමෙන් නිෂ්පාදනය කරන ලද්දක් වන අතර අධි තාක්ෂණික නිරීක්ෂණ උපකරණ රාශියකින් සමන්විත බව වාර්තා වේ.

138 Views

Comments