මෝටර් රථයක් නවත්වා මුදල් කොල්ල කෑ දෙදෙනෙක් සොයා පරීක්ෂණ


ඔවුන් දුඹුරු පැහැති ජම්ප් සූට් ඇඳ සිට ඇත.

.

ඊයේ (30) සවස 6.50 ට පමණ ඉබරාකි ප්‍රාන්තයේ ෂිමෝඩෝ හි මාර්ගයක ධාවනය වෙමින් තිබූ මගී මෝටර් රථයක් නවත්වා පුද්ගලයන් දෙදෙනෙකු එහි රියදුරුගෙන් මුදල් ඉල්ලා තර්ජනය කර තිබේ.

පසුව ඔවුන් රියදුරුගේ දකුණු කකුලට පිහියකින් ඇන මුදල් පසුම්බියේ තිබූ මුදල් යෙන් 10,000ක් පමණ සොරාගෙන වෙනත් මෝටර් රථයකින් පලා ගොස් ඇත.  

අදාල පුද්ගලයන් දෙදෙනා දුඹුරු පැහැති ජම්ප් සූට් ඇඳ වෙස්මුහුණු පැළඳ සිටි බව වාර්තා වේ.

සැකකරුවන් සොයා පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ.

103 Views

Comments