කතා කෙරූ අතැඟිලි...


දෙවන ලෝක යුද සමයේදී අර්ධ ශ්‍රවණාබාධිත කුඩා දරුවෙකු ලෙස චීනයේ..

.

දෙවන ලෝක යුද සමයේදී අර්ධ ශ්‍රවණාබාධිත කුඩා දරුවෙකු ලෙස චීනයේ පාසලක අධ්‍යාපනය ලබමින් මුහුණ දුන් අත්දැකීම් පිළිබඳව සකස් කෙරුණු අපූරු ඩීවීඩී පටයක් ජපන් ජාතිකයෙකු විසින් එළි දක්වා තිබේ.

මේ වන විට 94 හැවිරිදි වියේ පසුවන Setsuo Ota, දෙවන ලෝක යුධ සමයේ භයානකම අවධියේදී, ශ්‍රවණාබාධිත දරුවෙකු ලෙස ජපානයේ සිට  චීනයේ Dalian හි ස්ථාපිත කර තිබූ විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ පාසලකට ඇතුළත් වී එහි ගත කළ අවධිය පිළිබඳ සියලු සටහන් සංඥා භාෂාවෙන් මෙකී ඩිවිඩි පටයේ අන්තර්ගත කර තිබේ.

ඔහු විසින් සංඥා භාෂාවෙන් ඉදිරිපත් කරන සියලු දේ, උපසිරැසි ලෙස වීඩියෝ සමග ක්‍රියාත්මක වන ලෙස මෙය සකසා ඇති නිසා ඕනෑම අයෙකුට එය අධ්‍යයනය කළ හැකිය. මෙය නිෂ්පාදනය කර ඇත්තේ, කෝබේ හි පිහිටි ශ්‍රවණාබාධිත පුරවැසියන්ට සහාය දක්වන Kamome නම් සංවිධානයකිනි.

172 Views

Comments